මැලිබන් සමූහ ව්‍යාපාරය නව සභාපතිවරිය ලෙස ඒ.ජී. කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය අගෝස්තු 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර ගන්නා ලදි. ඇය, මැලිබන් සමූහයේ නිර්මාතෘ ද වූ ඒ.ජී හින්නිඅප්පුහාමි මහතාගේ මිනිපිරිය සහ පසුගියදා අභාවප්‍රාප්ත වූ, මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමන් වන ඒ.ජී. රත්නපාල සමරවීර මහතාගේ දියණිය වන අතර, මැලිබන් සමූහය දශක හතක් පුරාවට ශ්‍රී ලාංකිකයින් හට රසයෙන් සහ ගුණයෙන් යුතු නිෂ්පාදන ලබා දෙන විශිෂ්ටත්වය, ගුණාත්මකභාවය සහ නවෝත්පාදන හැකියාව පිළිබඳ වූ සමූහයේ සම්ප්රදාය ඉදිරියට ගෙනයාමට ඇය කැපවී සිටී.
දශකයකට අධික කාලයක් මැලිබන් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කර ඇති ඒ.ජී. කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය සමූහයේ දැක්ම ඉදිරියට ගෙන යාමටත්, මැලිබන් පවුලේ උරුමය ඉදිරියට ගෙන යාමටත් විශිෂ්ට ලෙස සුදුසුකම් ලබා තිබේ. තම පියාගේ මගපෙන්වීම යටතේ පුරුදු පුහුණු වූ ඇය, සමාගමේ කළමනාකාරිත්වය සහ මෙහෙයුම් අධීක්ෂණය කිරීම, නිෂ්පාදන විවිධාංගීකරණය, අපනයන පුළුල් කිරීම සහ නව වෙළඳපොළට පිවිසීම මඟින් සැලකිය යුතු වර්ධනයක් ඇති කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. විශිෂ්ටත්වය කරා යාම සඳහා ඇයගේ නොසැලෙන අධිෂ්ඨානය, මැලිබන් පවුලේ සම්ප්රදාය මොනවට පිළිබිඹු කරයි. මැලිබන් සමූහයේ නව පෙරළියක් සිදුකරමින්, මැලිබන් සමූහයේ උරුමයේ යෂ්ටිය ඉදිරියට ගෙන යාමට ඇය සූදානමින් සිටින අතර, කාන්තා නායිකාවක ලෙස, කුමුදිකා ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත මැලිබන් නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය සහතික කිරීමටත්, විවිධත්වයෙන් පිරුණු සේවා අභ්‍යන්තරයක් පෝෂණයට ද කටයුතු කරමින් සිටී.
ඒ.ජී. කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවක වන අතර පසුව උසස් අධ්‍යාපනය සඳහා සිංගප්පූරුවට යන ඇය එහිදී සිංගප්පූරු ඇමරිකානු පාසලේ පූර්ව-වෛද්‍ය ජීව විද්‍යාව පිළිබඳ උපාධියක් හදාරන ලදි. පසුව ඇය මනෝවිද්‍යාව සඳහා වන ශාස්ත්‍රපති උපාධිය සැන් ෆ්රැන්සිස්කෝහි නොට්‍රේඩේම් විශ්වවිද්‍යාලයේ දී සම්පූර්ණ කරන ලදි. 1993 දී මැලිබන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් වන ලිට්ල් ලයන් හරහා ව්‍යාපාර ක්ෂේත්රයට සම්බන්ධ වූ ප්‍රනාන්දු මහත්මිය 1995 දී තම ප්‍රථම දරු ප්‍රසූතිය වෙනුවෙන් වෘත්තීය ජීවිතයෙන් කෙටි විරාමයක් ගත්තාය. 2009 දී නැවතත් ඇය මැලිබන් සමූහ ව්‍යාපාරයට සම්බන්ධ වූ අතර 2013 දී සමූහ කළමනාකාර අධ්යක්ෂ ලෙස පත් කරන ලදි.
කුමුදිකා මහත්මිය ප්‍රකාශ කර සිටින්නේ ඇගේ නායකත්වය යටතේ, මැලිබන් සමූහය ලොව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගිකයින්ට රසයෙන් සහ ගුණාත්මකභාවයෙන් යුතු විශිෂ්ට නිෂ්පාදන සැපයීමට ලබා දුන් පොරොන්දුව ඉදිරියටත් ගෙනයාමට කැපවී සිටින අතරම, නිර්මාතෘවරයාගේ සහ හිටපු සභාපතිවරයාගේ දැක්ම ඉදිරියට ගෙනයාමට ඇය අපේක්ෂා කරන බවයි.